මතකය ඇසුරින්
සිහියට ගන්නට
නිතරම වෙහෙසුනෙමි
මට පමණක් එය හිමි නැත්තේ ඇයි
නිරතුරු වැළපුනෙමි...
අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි...
ඉස්සර දවසක
උදෑසනක ඔබ මා නලවන්න ඇති
මා හඩනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇති
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිපගන්න ඇති
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇති
අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි...
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි...
DDWG
Comments (0)