Dushyanth Weeraman – Mathake hasaral Lyrics

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම්
මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි මා හැරගියේ

පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්රියේ
දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ
මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්

සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයිමට උරුම වුනේ
සමාවෙන්න කුමරානනී

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ

Comments (0)