Dhanith Sri – Gindara Lyrics

හීන ආකර
හදට කැන්දා
මගේ හදවත රැගෙන ගිය ඒ
ඇගේ හැඩයම
තියෙන රූබරියේ
මගේ මුවගට
වැටෙන බිඳුවේ
හිතේ දුක් ගිනි දියව දියවේ
දුවන රුධිරේ
මධුවිතට පෙරලේ
ආදරේ ගීතයක්ව පාවී ආවේ
රස මාරුතේක මා ගිලුනේ
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ
දැවෙන ගින්දර
පපුව ඇතුලේ
නිවාගන්නට නුඹ රැඳෙන්නේ
මගේ අත
උඩ නුඹ රැගුම දෙන්නේ
දුන්න තාලෙට අඩිය තැබුවේ
මගේ වන්නමේ නමක් නැත්තේ
හිතේ දුක නෑ මට ඉතිරි වෙන්නේ
ආදරේ ගීතයක්ව පාවී ආවේ
රස මාරුතේක මා ගිලුනේ
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ

Comments (0)