ඉටු සකි සදිනී
දිවියම නිවුනී
අක හර බිම සරු සර කලෙමී
කටු දොල සිදුනී
පාලුව මරද්දි මාව අලුයම තනිවම
නැවතුනේ සඳ ගාව
කතාව කීව දාම තෙමේ මාව
කඳුලු වැස්සක තෙමේවී මාව
සන්තාප හෝරාව සාංකාව
ගෙවිලා යන්නේ තාම දෑස මානේ ගිනි
පැරදුනාම ළඟ ඉන්නේ වේදනාව නිමි
ආල කතන්දර නැවතුනේ දුකකිනි
විශ්වාස කළ තරමට තව ඇවිලිණි
හදවතට දැනී
අකාලේ වැසි වසී වද විඳී සිත නිවන කාරණාව
මිතුරො ළඟ රැඳී
මේ පැන විසඳීම සැනසීම ගෙනදීම ණයගැති
අමතක නැති බොහෝදේ
හැමෝම හදවතේ මැද ඉන්නේ
හරිම වෙලාවට ඇමතුම එන්නේ
දුක විමසන්නේ
සකි නැත්තම් කවුද දුක දන්නේ
ඉටු සකි සදිනී
දිවියම නිවුනී
අක හර බිම සරු සර කලෙමී
කටු දොල සිදුනී
සන්තාපය සන්තානය ලෙන්ගත්තී මා
අන්දායම අන්යාධින ඕවිල්ලේ ලා
මා සන්තක පාරට්ටුව රිහිරී පුරා
අවරග සොයා හිරු බැස ගියා
Comments (0)