Ayeshmantha – Nimthere Lyrics

ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා
ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා

දුරස් වුණා වේගෙන ඇස් පිල්ලමේ
ඇරයුමක්ද නුඹ දෑසින් කළේ
හමු නොවේද යළි මේ නිම්තෙරේ
ඇයි ආරම්භෙකදිම අවසන් කළේ
පිපුනේ නෑ රෝස මල් මේ අපායේ
සීතල කළා නුඹ ලාව මේ අපායේ
අඳුර නසාගෙන පැමිණි ආලෝක ධාරාවක් නුඹ
සිරගතවුණ ආත්මේ නිදහස් කළා මගේ
මට දැනෙන්නේ අලුතෙන් ඉපදුණා වගේ
ගිනි ගෙන දැවුණ ඉරි තැළුණු මහ පොළව සිපගත් මහා වර්ෂාවක් වගේ
දළුලාගෙන පැමිණි ආලේ හදවත පසා කරන්
මට ඇති නුඹ වචනයක් කතා කරත්
හැමුවා සුළගක් නුපුරුදු දිශාවකින් සැනසීමක් ඒ
විඩාවෙන් ගැලවීමට මනසේ
මට ඕනේ ජීවත් වෙන්න ඒ දවසේ
ආපස්සට හරවන්න කාලය
මට නුඹට කියන්න තියෙනවා බොහෝදේ

දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි
දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

ආගන්තුක හැඟීමක්
කිසි දා බලාපොරොත්තු නොවූ බයක්
ඇබ්බැහි වෙලාද
මම ලෝකයක තනි වෙලා
සිතිවිලිවල ආලය මුසු වෙලා
හමු නොවේද හමු වේද යළි ඒ රුව හිමි නොවේද හිමි වේද
මට ඒ රුව අවිනිශ්චිතයි
මේ දෛවය
නමුත් ආරම්භය පමණයි මෙය
සිතිජයක් නොවුනොතින්
ඇති නුඹ මගේ
සාගරේට ගෑවි නොගෑවෙන තරමට
ළංව හිඳින මිරිඟුවක් සේ
එන මන්දාකිණියක දුරක් සේ
නුඹ කළු සුදු හීනෙක වර්ණ ඡායාවක්
දුටු සැනින්ම කැපී පේන
මම දැක්කා එදා නුඹේ ඇස්වල තිබුණා කියාගන්න බැරි හුඟක් දේ

ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා
ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා
දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

Comments (0)